කොළඹ වරාය නගරයට විදෙස් ආයෝජකයින් ගෙන්වා ගැනීමට රජය උත්සාහ කරන්නේ රජය මේ වනවිට මුහුණ දී ප්‍රශ්නවලට ප්‍රධානතම විසඳුමක් වශයෙන් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
“විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය අපි මෙතනින් බයිපාස් කරලා නෑ. කොහෙත්ම නෑ. මේ කියන කරුණු 200% අසත්‍යයයි. මෙය මූලික ව්‍යවස්ථාවට එකඟයි කියලා රජයේ නීතිපතිවරයා, රජයට උපදෙස් දෙන පිළිගත්ත නීතිපතිවරයා අපට දන්වලා තියෙනවා නිල වශයෙන්. ඒ නිල වශයෙන් දැන්වුවාට පසුව තමයි ඒ කටයුතු අපි ඉදිරියට ගෙනිච්චේ.
අපට තියෙනවා යම් ප්‍රශ්න. ඒ ප්‍රශ්න තමයි විදේශ විනිමය ප්රශ්නය, ඩොලර් එකේ ප්රශ්නය. ඒ ප්‍රශ්න විසඳීමට ප්‍රධානතම හේතුවක් හැටියට තමයි අපි ගන්නෙ විදේශ ආයෝකයන්. ඒක වළක්වලා, රටේ ජනතාවට ඒ බර පටවලා ඉතා කාලකණ්නි සුවයක් එහෙම නැත්නම් තෘප්තියක් ගන්න උත්සාහයක් ගැනීමක් හැටියටයි මම දකින්නෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (17) ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය මගින් පැවැත්වූ නව මාධ්‍ය කතිකාව අමතමිනි.
- Lanka News Web
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව