මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත්, අවශ්‍ය වන්නේ ජනතා සහාය බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
එමෙන්ම කොවිඩ් වසංගතය ‘සෞඛ්‍ය’ ගැටලුවක් බවත් ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය සේවාවේ සහ රජයේ වගකීම බවත් ජනාධිපතිවරයා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේදී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බළකාය ඊයේ (09) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදී. ලොව ඉහළම දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්රයට එය කළ හැකි බව තමා දැඩි ලෙස විශ්වාස කරන්නේ යැයි ජනාධිපතිවරයා කියා සිටිනවා.
‘‘වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප 03ක් තියෙනවා. එක ඇඳිරිනීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය’’ ජනාධිපතිවරයා පැවසුවා.
‘‘කොවිඩ් රෝගීන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර දෙමින් පළමු අදියරේදීම සුවපත් කිරීමට වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයට හැකිවී තිබෙනවා. එබැවින් දැඩි සත්කාර සේවා අවශ්‍ය නොවීය. රෝග ව්‍යාප්තිය මර්දනයට සහ ආසාදනය වීමෙන් වැළකී සිටීමට ජනතාව ද නොමඳව සහාය විය යුතුයි’’ ඒ සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් වෛද්‍යවරුන් මගීන් ජනතාවට ගෙන යාම මාධ්‍ය ක්ෂේත්රයේ විශාල වගකීමක් සහ යුතුකමකි.
‘‘කොවිඩ් සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන්ම ජනතාව සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු විය. වසංගතය ලොවෙන් තුරන් කරන තෙක් රට වසාගෙන සිටිය නොහැක. යථා තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියා කළ යුතුය. දින 40කට ආසන්න කාලයක් වසා දැමුණු ප්‍රදේශවලින්ද දෛනිකව ආසාදිතයන් වාර්තා වනවා. ඉන් පෙනී යන්නේ වසා දැමීමෙන් පමණක් වසංගතය මර්දනය කළ නොහැකි බවයි.’’
‘‘පහසුම දේ රට වසා දැමීමයි. නමුත් මිනිසුන් ජීවත් කළ යුතුය. රැකියා, කෘෂි, ධීවර ඇතුළු සියලු කටයුතුවල නිරත වෙමින් ආර්ථිකය ආරක්ෂා කිරීම මගේ වගකීමක්. PCR පරීක්ෂණ සඳහා රජය දිනකට වැය කරන මුදල රුපියල් මිලියන 60කට අධිකය. නිරෝධායනය ඇතුළු සමස්ත ක්රියාලිය සඳහා දෛනිකව අතිවිශාල මුදලක් වැය කෙරේ. ජනතාව මේ තත්ත්වය අවබෝධ කරගෙන රෝගයට ගොදුරු වීමෙන් වැළකී සිටීමට පෞද්ගලිකව වගකීම ගැනීම යුතුකමක්’’ ජනාධිපතිවරයා සඳහන් කළා .
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්