නිරිත දිග මෝසම් තත්වය ඇති වීමත් සමග ආපදාවට ලක්විය හැකි ප්‍රදේශ 12ක පුද්ගලයන් වෙනුවෙන් සහන මධ්‍යස්ථාන සුදානම් කර තිබේ.
ඒ සඳහා වු මුදල් හා සහන ප්‍රතිපාදන ද මේ වන විට වෙන්කර තිබෙන බව ආපදා කළමනාකරණ ඒකකයේ, අධ්යක්ෂ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කර ඇත.
මීට අමතරව කොවිඩ් සහ ඩෙංගු වසංගතය සමඟ ඇතිවෙන ආපදාවන්ට මුහුණ දීම සඳහා විශේෂිත වු ස්ථානයන් පිළියෙල කර තිබෙන බවත්, නිරෝධායනයට ලක්වන පුද්ගලයින් යම් ආපදා අවස්ථාවකට මුහුණ දෙන්නේ නම් වෛද්‍ය අංශය සමඟ එක්වී එම පුද්ගලයින් රඳවා තැබීමට නිරෝධායන අතරමැදි මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇතැයි ද ඔහු සඳහන් කරයි
තවද නිවසේ සිට නිරෝධායනය වන පුද්ගලයින් පැය 24කට පෙර අදාළ ස්ථානවලින් ඉවත් කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරන බව ද මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සඳහන් කරයි.
ඒ අනුව 117 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ඒ පිළිබඳ දැනුම්දිය හැකි බව ඔහු සඳහන් කරයි.
ආපදා කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ,
“ධීවර හා නාවික කටයුතු සිදුකරන අය කරුණාකරලා ඉදිරි පැය 24 තුළවත් අවධානයෙන් සිටින්න. දිවයින වටා මුහුද ඉතාමත් රළුභාවයට පත්වෙන්න පුළුවන්. එකවර ඇති වෙන වැස්ස නිසා අපි අවවාද ලබාදෙන ප්‍රදේශවල සිටින ජනතාව ඉන් ඉවත් විය යුතුයි. නිරෝධායනයට ලක්ව සිටින අය අවසන් මොහොත වෙනතෙක් ඉන්න එපා. අපිව කලින් දැනුවත් කරන්න. එතකොට අපිට වෛද්‍ය අංශ සමඟ එක්ව ඔවුන් ඉවත් කරන්න පුළුවන්. ආපදා ප්‍රදේශවල සිටින ගැබිනි මව්වරුන් අවසාන මොහොත වෙන තෙක් ඉන්න එපා. පැය 24කට කලින්වත් ඉවත් වෙලා ළඟම රෝහලට යන්න. වැව්වල ඔරු පාරු පදින්න යන්න එපා. විනෝද වෙන්න යන්න එපා. ආපදා තියෙන්නේ සිරිනරඹන්න නෙමෙයි. කඳු බෑවුම්වල ඉන්න අයත් දැනුම්දුන් වහාම ඉවත් වෙන්න.“
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්