සජීවී නව කොරෝනා වෛරස සාම්පලයක් අපනයන භාණ්ඩ ඇසුරුමක තිබී හදුනාගැනීමට චීන වසංගත රෝග පාලන මධ්‍යස්ථානය සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සුවිශේෂී සොයාගැනීම සිදුකර ඇත්තේ එරට ක්වින්ඩාවෝ නගරයෙන් පසුගිය දින කිහිපයේදී කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකුම හදුනාගැනීමෙන් පසුව සිදුකළ පර්යේෂණයකින් අනතුරුව වන අතර වෛරසය හදුනාගෙන ඇත්තේ ශීත තත්ත්වයෙන් පැවති භාණ්ඩ ඇසුරුමක් මත තිබියදීය.
බලධාරීන් විශ්වාසය පළකරන්නේ වෛරසය පවතින එම පෘෂ්ඨ ස්පර්ශකිරීමෙන් ඔවුන් මෙසේ රෝගී වන්නට ඇති බවය.
භාණ්ඩ ඇසුරුමක් මත තිබී සජීවී නව කොරෝනා වෛරසය සොයාගත් ලොව පළමු අවස්ථාව මෙය බවද චීන සෞඛ්‍ය අංශ සදහන් කර තිබේ.
More Stories
චීනයේ තායිවාන දූපත ආශ්රිත හමුදා අභ්‍යාස බෙදුම්වාදීන්ට සිදු කරන බරපතල අනතුරු ඇඟවීමක් – චීනය
චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වන සංවත්සරය අදයි
චීන ටිබෙට් ප්රශ්නය සම්බන්ධ පොරොන්දු පිළිපදින්නැයි ඇමරිකාවට චීනයෙන් ඉල්ලීමක්