ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වන ප්රභාෂ් සුබසිංහ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය යවා ඇති බව වාර්තා වේ.
තමන් මෙම තනතුර බාරගත්තේ වසරකට පමණක් බවත්, එම වසර මේ වනවිට අවසන් බැවින් එකගතාව අනුව තමන් තනතුරින් ඉවත් වන බවත් ඒ මහතා සිය ලිපියේ සදහන් කොට ඇති බව දැනගන්නට ඇත.
මීට පෙර ජනාධිපතිවරයා විසින් පත් කළ ආයෝජන මණ්ඩල සභාපතිවරයා වූ සුසන්ත රත්නායක මහතාද වසරක කාලසීමාව දැනුම් දෙමින් සිය තනතුරින් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබිණ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්