අප්‍රිකානු කලාපයේ ව්‍යවස්ථා විරෝධී ව ආණ්ඩු වෙනස් කිරීම සඳහා වර්ධනය වන ප්‍රවණතාව දැඩි ලෙස හෙළාදකින බව අප්‍රිකානු සංගමය පවසයි. එසේම, එම ක්‍රියාවන් තම ප්‍රමිතියට බරපතල ලෙස හානි කරන බව ද එම සංගමය පෙන්වා දෙයි.
අප්‍රිකානු සංගමයේ, සාමය සහ ආරක්ෂාව පිළිබඳ කවුන්සිලය විසින් ඊයේ(31) මෙම ප්‍රකාශය නිකුත් කරනු ලැබීය. මෙම රැල්ලට එරෙහිව අප්‍රිකානු සංගමයේ සාම්ප්‍රදායික ප්‍රතිචාරවල කාර්යක්ෂමතාව සමාලෝචනය කිරීමේ හදිසි අවශ්‍යතාව ද එමගින් අවධාරණය කර තිබේ.
අප්‍රිකානු සංගමයේ සාමාජිකත්වය දරන ඇතැම් රටවල ව්‍යවස්ථාමය පටිපාටිය නිසි අයුරින් සහතික කිරීමේ පවතින ප්‍රමාදයන් පිළිබඳව කවුන්සිලය සිය දැඩි කනස්සල්ල පළ කළේය. ඒ පිළිබඳව සිදුකෙරෙන සියලු සංක්‍රාන්තිමය වෙනස්කම් නියමිත කාල රාමු යටතේ ක්‍රියාවට නංවන ලෙස ද එම රටවල් දිරිගන්වා ඇත.
අප්‍රිකානු සංගමයේ, සාමය සහ ආරක්ෂාව පිළිබඳ කවුන්සිලය මේ ප්‍රකාශය නිකුත් කළේ, කුමන්ත්‍රණ මාලාවක එක් පියවරක් ලෙස, ගැබොන් රාජ්‍යයේ සිදු වූ හි කුමන්ත්‍රණයක් අප්‍රිකානු සංගම් කොමිසමේ සභාපති Moussa Faki Mahamat මහතා විසින් හෙළාදැකීමේ සිද්ධියෙන් දිනකට පසුව යි.
අප්‍රිකානු මහාද්වීපය, මිනිසා විසින් නිර්මාණය කළ සහ ස්වාභාවික යන දෙඅංශයේම සාමය සහ ආරක්ෂාව පිළිබඳ තර්ජනවලට යළි යළිත් මුහුණ පෑම සම්බන්ධයෙන් ද අප්‍රිකානු සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර ඇත.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය