අප්‍රිකාවේ Fulani ජන කොට්ඨාසය වෙනුවෙන් ‘CGTN Fulfulde’ භාෂා ෆෙස්බුක් පිටුව විවෘත කෙරේ. එම පිටුව ඊයේ(5) නිල වශයෙන් ආරම්භ කිරීමත් සමග චීන මාධ්‍ය සමූහය Fulfulde භාෂාවෙන් වාර්තාකරණය සිදු කරන චීනයේ එකම මාධ්‍ය ආයතනය බවට පත්ව ඇත. ඒ අනුව මේ වන විට චීන මාධ්‍ය සමූහය භාෂා 69කින් විදේශ රටවල මාධ්‍ය වාර්තා කිරීම් සිදු කරයි.
Fulfulde භාෂාව අප්‍රිකාවේ සිව්වැනි විශාලතම එඬේර ජනවාර්ගික කණ්ඩායම වන Fulani ජනතාවගේ භාෂාවයි. ‘CGTN Fulfulde’ භාෂාවේ සමාජ මාධ්‍ය පිටුව චීනයේ හා අප්‍රිකාවේ විෂයමූලික තොරතුරු කාලෝචිතව පූර්ණ ලෙස දැන ගැනීමට ග්‍රාහකයින්ට අවශ්‍ය පහසුකම් සලසනු ඇත. එමගින් සැබෑ චීනය හා චීන-අප්‍රිකානු මිත්‍රශීලි සහයෝගිතාව පිළිබඳ Fulani ජාතිකයින්ගේ අවබෝධය වැඩිදියුණු කිරීමට ද අපේක්ෂා කෙරේ.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ