රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් “අප්‍රේල් 15 දින නිවාඩු දිනයක් බවට පත් කෙරේ” යන මාතෘකාව සහිත ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යවල සංසරණය වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
2025 අප්‍රේල් 15 දින රජයේ නිවාඩු දිනයක් බවට පත්කළ බවට රජය විසින් කිසිදු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති අතර, මෙම ප්‍රවෘත්තිය ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
එමෙන්ම අප්‍රේල් 15 වන දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළා
සිකුරාදා දිනයත් මහ සිකුරාදා දිනය යෙදී ඇති බැවින් අදාළ සතිය තුළ වැඩකිරීමට ඇත්තේ දින තුනක පමණ කාලයක් වන නිසාවෙන් තවමත් එම දිනය ගැන නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියා.
More Stories
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය