අප්‍රිකානු කලාපයේ කොවිඩ් අවදානම ක්‍රමයෙන් ඉහළයමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මේ වනවිට කලාපීය රටවල් කිහිපයකින් ශීඝ්‍ර ලෙස කොවිඩ් ආසාදිතයින් වාර්තාවෙමින් පවතී.
කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසන්නේ, බොහෝ අප්‍රිකානු රටවල සෞඛ්‍ය පද්ධතීන් කොවිඩ් අවදානමට මුහුණදීම සඳහා තවමත් සූදානම් කර නොමැති බවය.
සංචරණ සීමා ලිහිල් කිරීම, දැනට කලාපයේ පවතින තරමක ශීත කාලගුණය හා එන්නත්කරණය නැවැත්වීම හෝ ප්‍රමාදවීම මෙසේ ආසාදිතයින් ඉහළයෑම කෙරේ වැඩි දායකත්වයක් සපයා ඇති බව එම සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ මැට්ෂිඩිසෝ මොයිටි පවසයි.
ඇය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ, සිදුවිය හැකි කොවිඩ් මරණ සීමා කරගැනීමට නම් කලාපීය රෝහල්වල දැඩි සත්කාර ඒකක ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවය.
අප්‍රිකාවේ බොහෝ රටවල් මේ වනවිට මුහුණපා ඇත්තේ තෙවැනි කොවිඩ් රැල්ලටය.
ගෙවුණු දෙසතියේදී කලාපීය රටවල් බහුතරයක කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම සියයට 20කින් වැඩිවී තිබුණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය ප්‍රධානියාට අනුව ගෙවුණු සතියේදී උගන්ඩාවේ පමණක් ආසාදිතයින් වාර්තාවීම සියයට 131කින් ඉහළගොස් තිබේ.
ඉන් වැඩිම කොවිඩ් පොකුරු වාර්තාවී ඇත්තේ පාසල් හා සෞඛ්‍ය අංශ සේවකයින් අතරය.
එමෙන්ම ඇන්ගෝලාව, දකුණු අප්‍රිකාව හා නැමීබියාව වැනි රටවලද කොවිඩ් ආසාදිතයින්ගේ උපරිමය සනිටුහන්වෙමින් පවතී.
එම රටවල පවතින ශීත කාලගුණය ඊට හේතුවී ඇති බවද වාර්තා වේ.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්