අප්‍රේල් මාසය තුළ එළඹෙන උත්සව සමය නිසා විශාල වශයෙන් කොළඹ ප්‍රදේශයේ ජනගහණ සංචරණය වැඩි වුවහොත් නැවතත් කොවිඩ් වෛරය පැතිරීම උත්සන්න විය හැකි බවට රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු හඟවයි.
“දැන් අප්‍රේල් මාසය, මේ නව අවුරුදු මාසය ඇවිල්ලා නැවත අනිත් ප්‍රදේශවලින් විශාල වශයෙන් ජනතාව කොළඹට එන්න පටන් ගත්තොත් කොළඹ ජනගහණ සංචරණය වැඩිවුණොත් මේ රෝගය නැවත වාරයක් උත්සන්න වීමේ තත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා සංචරණ සීමාවන් ඇති කිරීම ඉතාමත් අවශ්‍යයයි” යනුවෙනුයි එම සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ.
එසේම විදෙස් රටවල සිට පැමිනෙන ප්‍රභූවරුන්ට අදාළව නිරෝධානය නීති වෙනස් කිරීම පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ “ප්‍රභූවරුන්, සාමාන්‍ය මිනිසුන් කියලා වෛරස් එකට වෙනසක් නෑ. යම්කිරි සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කළා නම්, ඒ නිකුත් කරපු උපදෙස් මාලාව සියලු දෙනාටම පොදු වියයුතුයි. විද්‍යාත්මක කාරණා මත පදනම් වෙලා පමණයි නිරෝධානය ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගතයුත්තේ” යනුවෙනි.
වෛද්‍ය සමන්ත ආනන්ද මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්