රසායනික පොහොර සහ කෘමිනාශක මෙරටට ගෙන්වීම රජය විසින් හදිසියේම නතරකිරීම නිසා රටපුරා ගොවීහු දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති.
වී වැපිරීමෙන් මාසයක් පමණ කාලයක් ඉකුත්වී ඇතත් අවශ්‍ය පොහොර ලබාගැනීමට නොහැකි වීම වී ගොවීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින අතර වල්නාශක සහ කෘමිනාශක නොමැති වීමෙන් වගාවන්ට සිදුවන හානිවලට ද මුහුණ පෑමට ඔවුන්ට සිදුව ඇත
එළවලු ඇතුළු වෙනත් බෝග වගාකරන ගොවීන්ට ද පළිබෝධකයින්ගෙන් දැඩි හානිවලට මුහුණ පෑමට සිදුව තිබේ.
“ගොයියො මොකද කරන්නෙ ? මහකැලේ කපන්නැයි ගොයම් නැතුව … ඉතිං ලන්ද වැහිච්චාම … අසරණ වෙලා ඉන්නෙ ගොයියො මේ කරන වැඩෙන්. මෙච්චර කාලයක් කරගෙන ගියා, ගොයියොන්ට දැන් එපාම වෙලා තියෙන්නෙ ගොවිතැන. අපිව රවට්ටලා ඡන්දෙ ගත්තා. ඔය යන්ඩ නම් අපායක් නෑ … ඒ කට්ටිය රජවෙනවා, අපි බලුවෙනවා”
“පොහොර කියලා දියර පොහොරයක් දීලා තියෙනවා. ඒක ගැන විශ්වාසයක් නෑ අපට තවම. ගොවියන්ට කිසිම විශ්වාසයක් නෑ මේ විදියට මේ කුඹුරුවලින් අස්වැන්න ගන්න පුළුවන් වෙයි කියලා” යනුවෙනුයි නිකවැරටිය ප්‍රදේශයේ ගොවීන් පිරිසක් ඊයේ (13) මාධ්‍ය වෙත සඳහන් කළේ.
- Lanka News Web
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්