කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභා පනත මඟින් රටේ නීතියට පටහැනි කිසිවක් කළ නොහැකි අතර එවන් දෙයකට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියක් හිමි නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
යුද්ධය පැවති සමයේදීත් ඊට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට යාමේදී කඩාකප්පල් කිරීමට විශාල ලෙස උත්සහ කළ අතර මෙයත් එවැනි උත්සාහයක්ද යන්න සැක හිතෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
කෙසේවෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මෙම කෙටුම්පත අනුමත කළ පසු කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභා පනත සම්බන්ධයෙන් වන විවිධ තර්ක බිඳ වැටෙන බව කබ්රාල් මහතා කියා සිටියි.
”ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පනත් කෙටුම්පත අනුමත කළාට පසු රටේ ව්‍යවස්ථාවට විරුද්ධ දෙයක් වේ නම් එය සිදුවෙන්නේ නැහැ. මොකද මේ පනතම ව්‍යවස්ථාවට විරුද්ධ වෙන්න ඕනේ මේක චීන කොළනියක් කරනවා නම්. දැනටමත් අපිට නීතිපතිතුමා තීන්දුවක් දීලා තිබෙනවා. ඒ වුණත් ශ්‍රේෂ්ඨාධිකරණ කිසියම් හෝ වගන්තියක් වෙනස් කළ යුතු බව පැවසුවා හොත් අපිට ඒවා වෙනස් කරන්න පුළුවන් කියන දේ මම ඉතා පැහැදිලිව කියනවා.”
අවම වශයෙන් හදිසි පනතක ලෙස හෝ මෙය ඉදිරිපත් නොකළ අතර රටේ හැරවුම් ලක්ෂය ලෙස මෙය දකින හෙයින් සියලුම දේ නිවැරදිව සිදුකර තිබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කරන්නේ.
- lanka news web
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්