මීට සුළු මොහොතකට පෙර අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මහතා සිය පාක්ෂිකයින් ඇමතු අතර එහිදී “අපි විශ්වාස කරනවා අපි මේ මැතිවරණය ජයගන්නා මාවතේ ඉන්නා බවයි” ඔහු ප්‍රකාශ කළේය.
අමෙරිකානු ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශිත කොට්ඨාස ඡන්ද වලින් 224 ක ජය ජෝ බයිඩ්න් ලබාගෙන ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් කොට්ඨාස ඡන්ද වලින් 213 ක ජය තහවුරු කරගෙන තිබෙනවා.
අමෙරිකානු ජනපතිවරයා ලෙසින් තේරී පත්වීමට නම් මේ දෙදෙනාගෙන් එක් අයෙක් කොට්ඨාස ඡන්ද 270 ක් සම්පූර්ණ කලයුතුව පවතිනවා.
අමෙරිකානු ජනාධිපතිවරණයට තරඟවදින ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
ඔහු ප්‍රකාශ කරන්නේ අද රාත්රියේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවයි. එමෙන්ම දැවැත්ත ජයග්‍රහණයක් පිලිබඳවද එම සටහනේ සඳහන් කර තිබෙනවා.

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි