2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර තරඟය අද (16) පැවැත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර තරඟයෙන් ලකුණු 55 ක ජයක් වාර්තා කිරීමට නැමීබියා කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නැමීබියා කණ්ඩායම ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 163 ක් රැස් කිරීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 108 ක් පමණයි.
ඒ අනුව 2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ පැවති පළමු තරඟයෙන් ලකුණු 55 ක ජයක් හිමි කර ගැනීමට නැමීබියා කණ්ඩායම සමත් වුණා.
තරගයෙන් අනතුරුව දසුන් කියපු දේ බලන්න.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි