ගෝලීය වසංගතයක් සහ මහජන සෞඛ්‍ය සම්බන්ධ උඝ්‍ර ගැටළුවක් සමඟ කටයුතු කරමින් සිටියදී එකඟතා අනුව කටයුතු කිරීම හැර අතපසුවීම් පිළිබඳ කතා කිරීම පිළිගත නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.
අද (06) කොළඹදී පැවති හමුවකදී එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසුවේ සංචාරක බුබුල ගැන කතා කිරීමේදී ඇතැමෙක් සිතනවා නම් ඔවුනොවුන්ගේ තරාතිරම නිසා හෝ නැත්නම් මේ රටේ නිරෝධායන නීතියට අනුව කටයුතු කිරීමට සංචාරකයින්ට පිස්සු නැහැ වැනි ආකාරයෙන් සිතනවා නම් එය ඉතා බැරෑරුම් තත්ත්වයක් බවයි.
සංචාරක බුබුල නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නම් එවැනි තත්ත්වයක් ඇති නොවන බවද ඔහු සඳහන් කරන ලදී.
විශ්වාසය කුමන හෝ ආකාරයකින් කඩවීම ඉතා කණගාටුදායක බවද හරිත අළුත්ගේ මහතා කියාසිටියේය.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව