වරාය නගර පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථානුකූලව අත නොතබන ව්‍යවස්ථාවෙන් පිටත ප්‍රශ්න රැසක් පවතින අතර ඒ ගැන ආණ්ඩුවත් සමඟ සාකච්ජා කිරීමට අවශ්‍ය හෙයින් කලබලයෙන් හදිසියෙන් මෙම පනත හෙට දින සම්මත කර ගැනීමෙන් වළකින ලෙස පූජ්‍ය අල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (19) අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
සංවාදයට ඉඩක් නොතබා මෙතරම් ඉක්මණට මෙම පනත සම්මත කරගැනීමට ආණ්ඩුව උත්සහ දරන්නේ ඇයිද යන ප්රශ්නය පවතින බවයි උන්වහන්සේ මෙහිදී මතුකළේ.
ජනතාව දුකින්, වේදනාවෙන් පෙළන අවස්ථාවක දෙදෙනෙක් එකට එකතු වෙන්න එපා කියන පරිසරයක මේ ගැන සංවාද කිරීමට අවස්ථාවක් ජනතාවට නොමැති හෙයින් පනත සම්මත කරගැනීම කල් දමන ලෙස අල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ ආණ්ඩුවට අවධාරණය කළේය.
”ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත්කර තිබෙන සංශෝධන මේ කඩිමුඩියේ කොහොමද එකතු කරන්නේ. සම්මත කරලද සංශෝධන එකතු කරන්නේ. ඒ වගේම තමයි අපට තියෙන ප්‍රධාන ගැටළුවක් තමයි මෙය ස්ථාපනය කිරීමෙන් පසු උපයන අදායමෙන් අපට ලැබෙන ප්රතිලාභ මොනවද? මෙතන මණ්ඩල දෙකක පත් කරනවා. දේපල පාලනයට සහ කොමිෂන් සභාව ලෙස. මේවාට ශ්‍රී ලාංකිකයින් පත්විය යුතුයි. එපමණක් නොවෙයි ද්විත්ව පුරවැසියන්ට මේවට පත් නොකළ යුතුයි. කඩාකප්පල් කරන්න හදනවා කියා කියා යන්නේ නැතුව මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. මේ රට අපේ. මේ රට අයිති රටේ මිනිස්සුන්ට. වත්මන් රජය සිහිතබා ගතයුතුයි ඔවුන් භාරකරුවන් මිස අයිතිකරුවන් නොවන බව.”
කෙසේවෙතත් උන්වහන්සේ වැඩිදුරටත් ආණ්ඩුවට අවධාරණය කළේ ඔවුන්ට භාරදුන් රට ඒ ලෙසම නැවත භාරදීම කළ යුතු බවයි.
- Lanka News Web
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්