මේ රටේ ජනතාව තුනෙන් දෙකක බලයක් සහිතව ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කරගත්තේ රට හොඳ තැනකට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් වුවද මේ වන විට එම විශ්වාසය පළුදු වී තිබෙන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.
රට සෞභාග්‍යමත් කිරීමට හැමදෙනාම කැමති වුවද කාගේ කරුමයක්,කාගේ දෝෂයක්,කාගේ බලපෑමක් නිසා ජනතාවට කලකිරීමක් ඇතිව තිබෙන්නේද යන්න සිත ගැනීමට නොහැකි බවයි උන්වහන්සේ කියාසිටියේ.
”ජනතාව පත්කරපු ආණ්ඩුවේ ජනතාවගේ දුක සැප හොයන්න මන්ත්‍රීවරු යන්න ඕනේ. කොරෝනා බෝ වෙනවා කියලා බය නම් අස්වෙලා යන්න ඕනේ. අද දුරකථනයට කතා කරන්න කැබිනට් එකේ ඉන්න ඇමතිවරු පහක්වත් නැහැ. පියන්ට කියල තියෙන්නේ වැඩක් පස්සේ කතා කරන්නන් කියල කියන්න. රට හදනවා නම් මුලින්ම ඔය ඇමති මණ්ඩලය හදල ආයතන ටික හදන්න වෙනවා.”
මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශද අන්තයටම පිරිහී ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් කියාසිටියහ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්