අද (5) අලුයම කහතුඩුව රිලාවල මංසන්ධියේදී සිදුවූ මාරක රිය අනතුරින් කාන්තවක මිය ගොස් ඇත.
මිය ගොස් ඇත්තේ පොල්ගස්ඕවිට රිලාවල පදිංචිව සිටි වයස අවුරුදු 62ක එක්දරු මවකි.
අද අලුයම මෙම කත අපරික්ෂාකාරී අන්දමින් පාර හරහා මාරුවීමට උත්සහා ගනිද්දී හොරණ දෙස සිට වේගයෙන් පැමිණි බස් රථයක ගැටී ඇත. එම බස් රථය නාරහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක සේවකයින් ප්රවාහනය කරන බස් රියකි.
අනතුරට ලක්වූ කාන්තාව එම ස්ථානයේම මිය ගොස් ඇත.
ඇය මහරගම අපේක්ෂා රෝහලේ සායනයකට සහභාගිවීම සඳහා යමින් සිටියදී මෙම අවසනාවන්ත තත්ත්වයට මූන පා ඇත.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු අද කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්