අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට පත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
එම පක්ෂයේ නියෝජිතයන් ඊයේ මැතිවරණ කොමිසම සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගත්තා.
පක්ෂයේ හිටපු ලේකම්වරයා ලෙස තම නම මැතිවරණ කොමිසම වෙත ලබාදුන් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ද නම ගැසට් කර අවසන් වන තුරු මෙතෙක් අතුරුදන්වී සිටිනවා.
එමෙන්ම, මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පාදක කරගනිමින් තමාට පිරිසක් විසින් පහරදුන් බවට චෝදනා කරමින් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමියන්ද මිරිහාන පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබුණා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්