සිරස මාධ්‍ය ජාලය අයත් කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා අද (25) අභාවප්‍රාප්ත විය.
ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ඒ මහතා පසුගිය දින කිහිපයේ කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.
අද උදෑසන අභාවප්‍රාප්ත වනවිට රාජමහේන්ද්‍රන් මහතා 79 වැනි වියේ පසුවිය.
ඒ අනුව කොවිඩ් නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරුණි.
ආර්. රාජමහේන්ද්‍රන් මහතා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර රැසක හිමිකරුවෙකි.
ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක් ඉටුකළ ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ අභාවය වෙනුවෙන් දෙරණ මාධ්‍ය ජාලයේ සාතිශය සංවේගය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට