රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු අවහිර කිරීමේ චෝදනාව යටතේ මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට මඩකළපුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ලබන 30 වනදාට පෙර අදාළ හිමිනම පොලිසීයට හෝ අධිකරණයට ප්‍රකාශයක් ලබාදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
මඩකළපුව කරදියනාරු ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු විහාරස්ථානයක් පිහිටි භූමියේ කොටසක කිසියම් පිරිසක් වගා කටයුතු ආරම්භකර ඇති බවට මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් සිය ෆේස්බුක් පිටුවට වීඩියෝවක් එක්කරමින් ඊයේ (21) අනාවරණය කළහ.
ඉන් අනතුරුව අදාළ ස්ථානයේ මැනුම් කටයුතු සඳහා ඊයේ (21) පැමිණි පුරාවිද්‍යා නිලධාරීන්ට මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන් විරෝධයක් එල්ලවී තිබුණි.
පුරාවිද්‍යා නිලධාරීන් ඇතුළු පාර්ශ්වයන් අදාළ ස්ථානයේ මැනීම් කටයුතු නිසි අයුරින් සිදුනොකරන බව උන්වහන්සේ චෝදනා කළහ.
සිදුව ඇති විනාශය නිරීක්ෂණයට වගකිය යුතු නිලධාරියෙක් පැමිණෙන තෙක් මැණුම් කටයුතු සඳහා පැමිණ සිටි පුරාවිද්‍යා නිලධාරින් තිදෙනෙක් සිය භාරයට ගැනීමට පූජ්‍ය සුමනරත්න හිමියන් කළ බව වාර්තා වේ.
පසුව මඩකළපුව පොලිස්ථානයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මැණුම් කටයුතු සිදුකරන තෙක් අදාළ වගාකිරීමේ කටයුතු නතර කරන බවට දුන් පොරොන්දුවක් මත සිද්ධිය සමතයකට පත්වුණි.
කෙසේ වෙතත් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් සිය භාරයේ රඳවා ගෙන සිටි පුරාවිද්‍යා නිලධාරීන් තිදෙනා මේ වන විට මඩකළපුව රෝහලට ඇතුළත් වී සිටී.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්