ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබේ. ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීර මහතාට ලබා දී ඇත. මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
රමේෂ් පතිරණ අමාත්‍යවරයාට කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද ලබාදී තිබේ. මීට අමතරව රංජිත් සියඹලාපිටිය මහතා වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ද නම් කර ඇත.
More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්