දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද (27) දිවයිනට පැමිණෙනවා.
මෙම සංචාරය තුළදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පාර්ශව කිහිපයක් සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
දෙරට අතර පවතින බහුආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ එහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු සංචාරය අතර තුර අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත අතර ඔහු ඊයේ (26) දිනයේ ඉන්දියාවට පැමිණියේය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ධූරකාලය තුළ මෙරටට පැමිණෙන එරට ඉහළම මට්ටමේ රාජ්‍ය නිලධාරියා වන්නේ ද මයික් පොම්පියෝ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්