අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. එහිදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා සිය දෙදින නිල සංචාරය තුළදී පසුගිය පාස්කු ප්‍රහාරයට ලක්වූ කොටහේනශාන්ත අන්තෝනි දේවස්ථානයට ද පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් ශෝකය පළ කිරීමට ද නියමිතයි.අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ලබන 28 වනදා දක්වා මෙරට තුළ රැදී සිටින අතර දෙරට අතර පවතින බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි ද සඳහන්.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ ධුර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළ මට්ටමේ අමෙරිකානු රාජ්‍ය නිලධාරියා වන්නේදමයික් පොම්පෙයෝ මහතා වීම විශේෂත්වයක්.
More Stories
ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්