අමෙරිකාවේ කොවිඩ් 19 ආසාදිතයන් ගණන කෝටිය ඉක්මවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ ඊයේ(6) දින එරටින් නව ආසාදිතයන් 127,700 ඉක්මවූ පිරිසක් හඳුනාගැනීමත් සමඟයි.එමෙන්ම ඊයේ(6) දින එරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 1202ක් වනවා.
මේ අතර අමෙරිකාව පුරා අඛණ්ඩව වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඉදිරි මාසය තුළදී ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණ වියහැකි බවට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යාවේදියෙක් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරන්නේ.
More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්