ඇමරිකාව සත්‍යය නොතකා, සැලසුම් සහගත ව තම රටට චෝදනා නැගීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි.
නැගෙනහිර ආසියානු නායක සමුළුවේ දී ඇමරිකාව හිතාමතා ම චීනය අපකීර්තියට පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා මේ බව කියාසිටියේය.
ඊයේ (07) පැවති නැගෙනහිර ආසියානු නායක සමුළුවේ දී ඇමරිකානු නියෝජිතයා චීනයේ තායිවානය සහ දකුණු චීන මුහුද සම්බන්ධයෙන් පදනම් රහිත ව චීනයට චෝදනා නගා තිබේ. තායිවාන ගැටළුව චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බවත්, කිසිදු බාහිර බලවේගයකට ඊට බාධා එල්ල කිරීමට නොහැකි බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා අවධාරණය කරයි. එකම චීනය යන මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන නිසියාකාරව අනුගමනය කරමින්, තායිවාන ගැටළුව යොදා ගෙන චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.
මෙවර නැගෙනහිර ආසියානු නායක සමුළුවේ දී, ඇමරිකාව සැලසුම් සහගත අයුරින් එහි තේමාව බැහැර කර, පවතින සහයෝගිතා වාතාවරණයට අවහිර කර තිබේ. නැගෙනහිර ආසියානු සහයෝගිතාව හා කලාපීය ස්ථායිතාවට බාධා කිරීමේ ඇමරිකානු අරමුණ ඉන් පැහැදිලිව අනාවරණය වී ඇත.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය