අමෙරිකාවේ චිකාගෝ නුවර සිදු වූ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 16 දෙනකු තුවාල ලබා තිබෙනවා.
දකුණු ඇල්බනි ප‍්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම පිටුපස සංවිධානාත්මක පිරිසක් සිටින බවයි එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය කියා සිටියේ වෙඩික්කරුවන් අවට සිටි සෑම පුද්ගලයෙක්ටම ප‍්‍රහාර එල්ල කර ඇති බවයි.
වෙඩි වැදී මියගිය බොහෝ පිරිසක් මෝටර් රථවල ගමන් කරමින් සිටි බව ද සඳහන්.
මෙම වෙඩි තැබීම සිදු වූයේ ජනාධිපති ජෝ බයිඩන් ගිනි අවි සම්බන්ධයෙන් නව නීති පැනැවීමට සූදානම් වන පසුබිමකයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි