ඩෙල්ටා ප්‍රභේදය නිසා නැවතත් දරුණු වසංගතයක අද්දරට පැමිණ සිටින අමෙරිකාවේ සාමාන්‍ය දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 95,000 දක්වා ඉහළ ගොස් තිබේ.
එය පසුගිය මාසයේ පැවති අගය මෙන් පස් ගුණයක වැඩිවීමකි.
මිලියන 330ක් පමණ වන අමෙරිකානු ජනගහණයෙන් 49%ක් මේ වන විට සම්පූර්ණයෙන් එන්නත්කර අවසන්ය.
කෙසේ වෙතත් එරට දෛනික ආසාදිතයන්ගේ සාමාන්‍ය අගය පෙර මාසයට සාපේක්ෂව පස්ගුණයකින් ඉහළ ගොස් තිබේ.
වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබෙන්නේ එන්නත්කරණය අඩු අගයක පවතින ෆ්ලොරිඩා, ටෙක්සාස්, මිසෝරි, ආර්කැන්සාස්, ඇලබාමා සහ මිසිසිපි ප්‍රාන්තවලිනි.
කොවිඩ් රෝගීන් වැඩිම පිරිසක් රෝහල්ගතව සිටින්නේද ඉහත ප්‍රාන්තවල බව ධවල මන්දිර ප්‍රකාශකයෙක් මාධ්‍යයට පැවසීය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි