අමෙරිකාවේ කොවිඩ් අවදානම ඉහළ යෑම හේතුවෙන් ආරක්ෂිත මුඛ ආවරණ පැලඳීමේ මාර්ගෝපදේශන සංශෝධනය කර තිබේ.
ඒ අනුව අවදානම වැඩිම ප්‍රාන්තවල වෙසෙන කොවිඩ් මර්දන එන්නත් ලබාගත් පුද්ගලයන්ද ගෘහස්ථ ස්ථානවලදී මුඛ ආවරණ පැලඳිය යුතුය.
ලොව වැඩිම දෛනික ආසාදිතයන් පිරිසක් වාර්තාවන රට බවට නැවතත් පත්වී ඇති අමෙරිකාවෙන් ඊයේ (27) නව ආසාදිතයන් 60,000කට ආසන්න පිරිසක් හඳුනා ගෙන තිබේ.
එරට කොවිඩ් ආසාදනය යළි ඉහළ යෑමට හේතුවී තිබෙන්නේ ඩෙල්ටා ප්‍රභේදයයි.
පවතින වාතාවරණය තුළ ආරක්ෂිත මුඛ ආවරණ පිළිබඳ නීතිය සංශෝධනය කිරීමට වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන ආයතනය පියවර ගෙන තිබේ.
ඒ අනුව අවදානම වැඩිම ප්‍රාන්තවල වෙසෙන පුද්ගලයන්, කොවිඩ් මර්දන එන්නත සම්පූර්ණයෙන් ලබාගෙන සිටියද මුඛ ආවරණ පැලඳිය යුතුය.
වෙනත් රටවල සහ අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකින් ලද තොරතුරුවලට අනුව සම්පූර්ණයෙන් කොවිඩ් මර්දන එන්නත ලබාගත් අයටද ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බව CDCආයතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය රොෂෙල් වැලෙන්ස්කි පැවසුවාය.
මේ අතර, මෙවර ඔලිම්පික් උලෙළ පැවැත්වෙන ජපානයේ ටෝකියෝ අගනුවර මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් පිරිස ඊයේ හඳුනාගෙන තිබුණි. එම සංඛ්‍යාව 2,848 කි.
මෙම තත්ත්වය ඉදිරියේදී වඩාත් දරුණු විය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවති.
මේ අතර ඔලිම්පික් ගම්මානයේ තවත් ක්‍රීඩකයන් දෙදෙනෙක් කොවිඩ් ආසාදිත බවට ඊයේ හඳුනාගෙන තිබුණි.
ක්‍රීඩා උලෙළට සම්බන්ධ තවත් පුද්ගලයන් පස් දෙනෙක්ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගැනුණි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි