අමෙරිකාවේ බටහිර වෙරළ තිරය ආශ්‍රිතව ඇතිවූ ලැව්ගිනිවලින් මියගිය පිරිස 33 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඇතැම් ප්‍රදේශවල ඇති විය හැකි දැඩි ආපදා තත්වය සැලකිල්ලට ගනිමින් එරට ජාතික කාලගුණ සේවය රතු ධජ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවයි, වාර්තා වන්නේ. වියළි කාලගුණික තත්වය සහ අධික සුළං ප්‍රවාහන හේතුවෙන් ලැව්ගිනි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතයි.
ඔරිගන්,කැලිෆෝර්නියා ප්‍රාන්ත ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් ලැව්ගිනි හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇති බවයි, වාර්තා වන්නේ. ඉකුත් සතිය තුළ ඔරිගන් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් දස දෙනෙක් මියගොස් තිබේ. තවත් පිරිසක් මේ වන විට අතුරුදන්ව ඇති බැවින්, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි, බලධාරීන් පවසන්නේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්