ඉතා ඉහළ කොවිඩ් අවදානමක් සහිත සංචාරක ගමනාන්ත ලැයිස්තුවට සිංගප්පූරුව ඇතුළත් කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.
ඒ අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන් සඳහා රට විවෘත කිරීමට සිංගප්පූරුව පියවර ගෙන ඇති පසුබිමකය.
අමෙරිකාව මේ වන තුරු සිංගප්පූරුවට තුන්වැනි මට්ටමේ සංචාරක උපදේශන පනවා තිබුණි.
එනම් ඉහළ කොවිඩ් අවදානමක් ඇති හා සංචාරය නොකළ යුතු ගමනාන්තයක් ලෙසය.
එය සිව්වැනි මට්ටම එනම් ඉතා ඉහළ කොවිඩ් අවදානමක් ඇති සංචාරක ගමනාන්තයක් බවට අමෙරිකානු වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන ආයතනය ලැයිස්තුගත කර තිබේ.
මේ අතර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද සිංගප්පූරුවේ සංචාරය නොකරන ලෙස රට වැසියන්ට දැනුම් දී ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි