නිදහසින් පසු මෙරට 76 වන අයවැය, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 2 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එය වර්තමාන ආණ්ඩුවේ දෙවන අයවැය ලේඛනයයි.
අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙට ආරම්භ වී දින 7ක් පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනි දා සිදු කිරීමට නියමිත බවයි පාර්ලාමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අද සිට අයවැය විවාදය හා ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් මස 10 වැනි දා තෙක් කාලය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන අතර, රාජ්‍ය නිලධාරීන් සිමීත පිරිසකට පමණක් අයවැය කාරක සභාවට සහභාගි වීමට අවසර ලබා දී තිබෙනවා.
ආරාධිත විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් අද විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත කෙරෙන බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ.
මේ අයවැය ඉදිරිපත් කිරීමට පවතින සූදානම සහ ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ගෙන එන සඳහා නිව්ස් 24 පාර්ලිමේන්තු වාර්තාකරු බන්දුල බණ්ඩාර.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්