මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ ආධාරකරුවන් පිරිසක් සහ පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් අතර ගැටුම හටගෙන ඇති බව සඳහන්.
මහියංගණ ප්‍රාදේශිය සභාවේ 2021 වර්ෂය සදහා දෙවන අය වැය ලේඛනය ද පරාජය වීමත් සමඟ සභා භූමියෙන් පිටත දී පසුගිය 08 වනදා උණුසුම් කතාබහක් සිදුවී ඇති බව පොලීසිය පවසනවා.
කෙසේ වෙතත් පොලීසිය මැදිහත්වීමෙන් එම තත්ත්වය පාලනය කර ඇති බව සඳහන්.
ඒ සම්බන්ධයෙන් පොලීසිය දෙපාර්ශවය කැඳවා කරුණු විමසීමක් සිදුකර ඇති අතර එහිදී ඔවුන් සමතයකට පැමිණි බව පොලිසිය පවසනවා.
පොලිසියෙන් බැහැරව යන අවස්ථාවේදී ඇතිවූ කතාබහක් දුරදිගයම හේතුවෙන් පොලිස් ස්ථානයේ ගේට්ටුව අසලදී පහරදීමක් සිදුව ඇති බව ද සඳහන්.
තුවාල ලැබූ පිරිසක් මහියංගනය මූලික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වනවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්