2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතයි.
පසුගිය 17 වනදා මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා දෙවන වර කියවිමේ විවාදය පැවැත්වේ.
අයවැය කාරක සභා අවස්ථාව හෙවත් අවවැය තුන්වනවර කියවීම ලබන 23 වනදා සිට දෙසැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර එදින පස්වරු 05.00ට අයවැය තුන්වන වර කියවීම පිළිබඳව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට