පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 9.30 රැස්වීමට නියමිත අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය එහිදී පැවැත්වීමට නියමිතය.
අද සිට ලබන 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21වන දින පස්වරු 05.00 ට සිදු කිරීමට නියමිතය.
අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23වන දින සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00ට සිදු කෙරෙනු ඇත.
2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග