ඉන්දියාවේ උතුරු ප්‍රදේශ වලට සහ නේපාලයේ ඇතැම් ප්‍රදේශවලට මේ දින වල බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කළා.
අධික වර්ෂාවත් සමග ඇති වූ නායයෑම් හේතුවෙන් මහා මාර්ග රැසක් අවහිරව ඇති අතර ගොඩනැගිලි රැසක්ද විනාශ වී තිබෙනවා.
මේ හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රාන්ත් ප්‍රදේශයේ පාසල් වසා දැමුණු අතර සංචාරක සහ අවධානම් ප්‍රදේශ වල ගමනා ගමන කටයුතු සීමා කිරීමටයි ප්‍රාන්ත බලධාරීන් කටයුතු කළේ.
ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් කේරළ ප්‍රාන්තයේ පමණක් මිය ගිය සංඛ්‍යාව 39 ක්.
නේපාල බළධාරීන්ද ප්‍රකාශ කළේ අවධානම් ප්‍රදේශ වලින් වහා ඉවත් වීමට කටයුතු කළ යුතු බවයි.
කෙසේ වෙතත් දෙරටෙහි කාළගුණ අංශ අනාවැකි පල කර ඇත්තේ ඉදිරියේදී වැසි තත්වයේ අඩු වීමක් අපේක්ෂා කළ හැකි බවයි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්