පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 යි ග්‍රෑම් 433 සමග වත්තල හුණුපිටියේ දී ඊයේ (15) සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (15) සිදුකළ මෙහෙයුමකින් අනතුරුව 27 හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පසුගිය 12 වෙනිදා සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේදී අයිස් කිලෝ ග්‍රෑම් 110ක් පමණ අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරගත් තොරතුරුවලට අනුවයි.
පසුව එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව අප්‍රේල් 12 වන දින සපුගස්කන්ද, රත්ගහවත්ත ප්‍රදේශයේ දී අයිස් කිලෝ ග්‍රෑම් 110ක් හා සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සමස්ත ක්‍රියාවලියේදී මේ දක්වා සැකකරුවන් 11 දෙනෙකු සහ සැකකාරියන් දෙදෙනකු අත්අඩංගුවට පත්ව ඇති බවයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිය භාරයට ගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 128කට ආසන්න වේ.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ