සයිබර් ප්‍රහාරයක් සම්බන්ධ සැකයක් හේතුවෙන් ඇතැම් චීන සමාගම් හා පුද්ගලයන් වෙත සම්බාධක පනවන බව ඇමෙරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පසුගිය සතියේ ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ විශ්වසනීය සාක්ෂි රහිතව පැවති Biden රජය චීනයට චෝදනා කරමින් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් චීනය විරෝධය පළ කරන බවයි.
චීනය හා ඇමරිකාව අන්තර්ජාල ක්ෂේත්‍රයේ ප්‍රබල රටවල්ය. අන්තර්ජාල ආරක්ෂාව විශේෂයෙන් ම වැදගත් යටිතල පහසුකම් ආරක්ෂාව අතින් ද දෙපාර්ශ්වයට සමාන අවධානය තිබේ. සමානාත්මතාව හා අන්‍යෝන්‍ය ගෞරවය මත අවංක ලෙස සිය අවධානයට ලක්වන කරුණු සාකච්ඡා කළ යුතු ය. අයුතු ලෙස සම්බාධක පැනවීම ඇමරිකාව වහාම නතර කළ යුතු බව ද Mao Ning මහත්මිය අවධාරණය කළාය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි