ජනාධිපතිවරයා සමගින් අගමැතිවරයාද අද (13) ඉල්ලා අස්නොවන්නේ නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමගින් අද මුළු කොළඹම වටකරන බව අරගලයේ ක්‍රියාකාරී සාමාජික ජීවන්ත පීරිස් පියතුමා පැවසූහ.
අරගලකරුවන් වශයෙන් තවදුරටත් තමන්ට ඉල්ලීම් නැති බවත් අද ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවත් ඒ වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් අද කොළඹට පැමිණෙන බවත් පියතුමන් සඳහන් කළහ.
ගෝල්ෆේස් අරගලකරුවන් “ජනතා අරගලය අවසන් ජයග්‍රහණය තෙක් අරගල බිමේ ක්‍රියාකාරී සැලැස්ම’’ මැයෙන් කොන්දේසි හයක් ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක් ඊයේ (12 ) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින් මෙන්ම සිවිල් හා බහුජන සංවිධාන ක්‍රියාකාරීන් ඉදිරියේ ප්‍රකාශයට පත්කෙරිණි.
මෙම කොන්දේසි මාලාව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඊට සහභාගි වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් හා රාසමානික්කම් ශානක්‍යන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කිහිප දෙනකු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමද සිදුවිය යුතු බවත් දින කිහිපයකට හෝ තාවකාලික ජනාධිපති ධුරයට පත්වීමට රනිල් වික්‍රමසිංහට ඉඩ නොදිය යුතු බවටත් බලකර සිටියහ.
ඊට පිළිතුරු දෙමින් ජීවන්ත පීරිස් පියතුමා මේ බව අවධාරණය කර සිටියහ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්