ආණ්ඩුවට එරෙහි විරෝධාතාවයන්ට සහාය පළ කරමින් අද (14) උදෑසන ගාලු මුවදොර විරෝධතා භූමියට ප්‍රවීණ ගායක ආචාර්ය වික්ටර් රත්නායක මහතා ද එක්ව සිටියේය.
කොළඹ ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවය 06 වන දිනටත් අඛණ්ඩව පැවැත්වේ.
දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන දින එම විරෝධතාවය ආරම්භ වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් සවිකර ගනිමින් විරෝධතාකරුවන් දිවා රෑ සිය විරෝධතාවයේ නිරත වී සිටී.
එම ස්ථානයට ගිය වික්ටර් රත්නායක මහතා මාධ්‍යට මෙලෙස අදහස් දැක්විය.
“අරගලයේ සිටින සහෝදර සොහොරියන් මැද්දේ ඉදගෙන කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. තව දෙයක් කියන්න ඕනේ මේක රම්‍ය අරගලයක්. ඒ කියන්නේ කිසි කෙනෙකුට කරදර කරමින්, කාටවත් බාධා කරමින් කරන අරගලයක් නෙමෙයි. අපි ජනතාව වෙනුවෙන්, ශ්‍රී ලාංකියන් වෙනුවෙන්, අපේ උරුමකම් දීපල්ලා කියන ඒ අවශ්‍යතාවයයි මේ පාලකයින්ට කියන්නේ. ඒක නිසා මම හිතනවා මේක අති සාර්ථක අරගලයක් වුණා කියලා. ආය වෙන්නට දෙයක් නැහැ දැන් සිදුවෙලා ඉවරයි. අරගලය අපි ජය අරගෙනත් ඉවරයි කියලා මා හිතනවා. ඒක නිසා සියලුදෙනාටම සුබ කලක් උදාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සමස්ත ජනතාව වෙනුවෙන්ම ඔවුන් ඔවුන්ගේ උවමනා එපාකම් ඉටුකරන්න පාලකයින්ට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බැරි නම් ගෙදර ගියාට කමන්නේ නැහැ කියලා ඉල්ලා සිටිනවා.”
බොහෝ පිරිස් අද දිනයේ ත් මෙම විරෝධතාවය සමඟ එක්ව සිටි අතර අලුත් අවුරුදු චාරිත්‍ර එම ස්ථානයේ සිට සිදුකිරිමට ද විරෝධතාකරුවන් කටයුතු කරනු ලැබීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්