ගාලු මුවදොර අරගලය ආරම්භ කර අදට (28) දින 50ක් සම්පූර්ණ වුණි.
පසුගිය අප්‍රේල් මස 09 වනදා තරුණ පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් මෙම අරගලය ආරම්භ කර තිබුණි.
අරගලයට දින 50ක් පිරීම හේතුවෙන් අද දිනයේ උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
එම උද්ඝෝෂණය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරූණු වාර්තා කරමින් පොලීසිය අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.
උද්ඝෝෂණය මෙහෙයවනු ලබන බවට සැලකෙන ජීවන්ත පිරිස් පියතුමා, රංගන ලක්මාල්, එරංග ගුණසේකර, වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර සහ ජෝසප් ස්ටාලීන් ඇතුළු ඊට සහභාගී වන අනෙක් සාමාජික සාමාජිකාවන්ට කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් නියෝග නිකුත් කර ඇත.
ඒ අනුව, කොළඹ එන්. ඒ. එස්. වටරවුමේ සිට චෛත්‍ය පාර දක්වා කොටස, එන්. ඒ. එස්. වටරවුමේ සිට ජනාධිපති මාවත දක්වා කොටස, සෙරමික් හන්දියේ සිට යෝර්ක් විදීය, යෝර්ක් වීදියේ සිට ලේඩි බැස්ටියන් මාවත දක්වා කොටස, මුදලිගේ මාවත, රෝයල් වීදිය, බැංකු මාවත, බාරොන් ජයතිලක මාවත සහ චැතැම් වීදිය යන ස්ථානවලට ඇතුළු වීම, ගමන් කිරීම, විරෝධතා පැවැත්වීම, ගැවසීම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යනාදිය තහනම් කරමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලීසිය පැවසුවේය.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට