වියළි කාලගුණික තත්ත්වයත් සමග ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
අධික වියළි කාලගුණයත් සමග ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම පහළ බැස තිබෙනවා. එසේම ජනතාවගේ ජල පරිභෝජනය ද ඉතා ඉහළ මට්ටමක පවතින බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ. පානීය ජල සැපයුම සීමා සහිත බැවින් සහ සැමට සමසේ බෙදා හැරිය යුතු නිසා ද අර පිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වාහන සේදීම ගෙවතු වගාව ආදී කාර්යන් සදහා පානීය ජලය භාවිත නොකර අත්‍යවශ්‍ය දෛනික කටයුතු සදහා පමණක් යොදා ගත යුතුයි. උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්