ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ ප්‍රධානියා ලෙස අරවින්ද ද සිල්වා නම් කරන්නට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වුණා.ඒ අනුව අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වය යටතේ රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් හා කුමාර සංගක්කාර මේ ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවට නම් කරන්නට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තීරණය කොට තිබෙනවා.දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීම හා පුහුණු කිරීම අවශ්‍ය මග පෙන්වීම මෙම කමිටුව හරහා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන කටයුත්තකි.
අරවින්ද ද සිල්වාට සභාපතිත්වය

More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි