වාර්තාවලට අනුව, අර්ධ සන්නායක නිෂ්පාදන උපකරණවලට එරෙහිව ජපානයේ අපනයන පාලන පියවර මෑතකදී නිල වශයෙන් බලාත්මක කර තිබේ.
චීනයේ බරපතල විරෝධයන් නොසලකා හරිමින්, ජපානය පැහැදිලිවම චීනයට අගතියක් වන අපනයන පාලන පියවරයන් ප්‍රකාශයට පත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් චීනය දැඩි කණගාටුව සහ අතෘප්තිය පළ කරන අතර, විවිධ මට්ටම්වලින් චීනය ජපානයට දැඩි විරරෝධය දක්වා ඇති බව, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය සඳහන් කළා ය.
අදාළ පියවර ගැනීමෙන් දෙරට අතර සාමාන්‍ය අර්ධ සන්නායක කර්මාන්ත සහයෝගීතාවයට බාධාවීම වැළැක්වීම සඳහා, ජපාන පාර්ශ්වය චීන-ජපාන ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවයේ සමස්ත තත්වයෙන් සහ එහි දිගුකාලීන අවශ්‍යතාවලින් ඉදිරියට යා යුතු බවත්, ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නීතිවලට අනුකූලවෙමින් අපනයන පාලන පියවර අනිසි ලෙස භාවිත නොකළ යුතු බවත්, චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව, Mao Ning මහත්මිය එහිදී කියා සිටියා ය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි