අලියා නැගිට්ටවන්න වෙලාව හරි – එජාප නියෝජ්‍ය නායක

පක්ෂයේ බිම්මට්ටම ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරි සති කිහිපයේදී දිවයිනේ සෑම ආසනයකම ක්‍රියාකාරී හමු සංවිධාන කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා.

පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළීවෙල යටතේ අද මහනුවර පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනුයි රුවන් විජේවර්ධන මහතා මේ බව කියා සිටියේ.

වත්මන් ආණ්ඩුව කෙරෙහි මේවනවිට විශාල අප්‍රසාදයක් ජනතාව තුල පවතින බවත් එක්සත් ජාතික පක්ෂය යළි ශක්තිමත්ව නැගී සිටිමේ වේලාව එළඹ ඇති බවත් රුවන් විජේවර්ධන මහතා මෙහිදී අවධාරණය කළා.

රට සංවර්ධනය කර ආර්ථිකය ශක්තිමත් කිරීමටනම් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුම අවශ්‍ය බව ජනතාවද මේවනවිට අවබෝධ කරගෙන ඇතැයි රුවන් විජේවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නා.

පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත්කනරන්නේ කවුරුන්වද යන්න හෙට දිනයේදී පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී තීරණය කරන බවද ඔහු කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතාද මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වුවා.

වර්තමානයේ රටතුල උද්ගතව ඇති තත්වයට ජනතාවද වගකිවයුතු බවයි ඊයේ මහනුවර පැවති සාකච්ඡාවෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com