එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන වැඩසටහනක් අද සිට ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොලේ සිට දිවයිනේ සෑම නගරයක් කේන්ද්‍ර කර ගනිමින්.
ගමනාගමන මණ්ඩලය නිවේදනය කරන්නේ දෛනිකව ධාවනයේ යෙදෙන බස් රථ වලට අමතරව මෙවර එක්කර ඇති බස් රථ ගණන 1200 ක් වන බවයි.
තවද අධිවේගී මාර්ග වල ධාවනය කෙරෙන ලංගම බස්රථ වල ගමන් වාර ගණන වැඩි කිරීමටද ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තු විසින් අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් මෙවර වෙන්කර ඇත්තේ විශේෂ දුම්රිය වාර 02 ක් පමණයි.
කෙසේවෙතත් දෛනිකව ධාවනය කෙරෙන දුම්රිය ගමන්වාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර අද සිට ලබන 18 වැනිදා දක්වා යොදවා ඇති විශේෂ දුම්රිය ගමන්වාර 02 ද ඇතුළත්ව යාමට සහ ඒමට කාලසටහන් ගතකර ඇති දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 68 ක් වනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්