සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අරඹන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
මේ අනුව දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් එළඹෙන සදුදා (19) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකරන බවය.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා,
“අප්‍රේල් 19 වනදා මුළු රටේම පාසල් සියලුම ශ්‍රේණි විවෘත වෙනවා. බස්නාහිර පළාත ඇතුළුව. පෙරපාසල්, පෞද්ගලික පාසල් ද නව වසරේ අප්‍රේල් 19 ආරම්භ වනවා.”
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති