ගෙවුණු සති අන්තයේ අත්දැකීම් අනුව මෙම සති අන්තයේ බස්නාහිරින් පිටට යාම වැඩි විය හැකි නමුත් මෙම සති දෙක කළමනාකරණය කර නොගතහොත් ඉදිරි කාලය ඉතා අවදානම් සහගත විය හැකි හෙයින් මෙම සති දෙක කළමනාකරණය කරගැනීම වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.
එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ අවදානම ගැන කොතරම් පැහැදිලි කර තිබියදීත් ඇතැම් අය වගකීම් විරහිතව හැසිරෙන අයුරු ගෙවුණු සති අන්තයේ බස්නාහිරින් පිටට ගිය ප්‍රමාණයෙන් දැකගත හැකිව තිබුණු බවයි.
ජනතාවගේ වගකීම් විරහිත හැසිරීම නිසා ඉදිරි සති අන්තය සම්බන්ධයෙන් සාමූහික තීන්දුවක් ගැනීමට සිදුවෙනු ඇති බවයි හරිත අළුත්ගේ මහතා කියා සිටියේ.
හෙට දිනය තුළ ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වීමට නියමිත අතර එහිදී සිය සංගමයේ යෝජනා,සෞඛ්‍ය ආමාත්‍යංශයේ යෝජනා සහ සෙසු පාර්ශව වල යෝජනා අදහස් අනුව පවතින තත්ත්වය තුළ රටට ගැළපෙන තීරණයක් ගත යුතුව ඇති බවයි හෙතෙම පෙන්වාදුන්නේ.
ඉදිරි වසරේ සිට සැලසුම් කර තිබෙන කටයුතු නව සාමාන්‍යකරණයට යටත්ව එම කටයුතු ආරම්භ කිරීමට නම මෙම සති දෙක මනා ලෙස කළමනාකරණය කරගත යුතු අතර කොවිඩ් අධි අවදානම් රටක් ලෙස ලේබල් වුවහොත් සංචාරකයින්ට රට විවෘත වුවද ඔවුන් මෙහි පැමිණීමෙන් වළකිනු ඇති බවට විශ්වස කරන බවද අළුත්ගේ මහතා සඳහන් කරන ලදී.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්