පෘථිවියේ සිට කි.මී. 400ක් පමණ ඉහළ අභ්‍යවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නමැති අභ්‍යවකාශ පර්යේෂණාගාරයේ ඇතැම් උපකරණ නැවත අලුත්වැඩියා නොකළ හැකි ආකාරයෙන් බිඳ වැටීමේ අවදානමක් පවතී. මෙවැනි තත්ත්වයක් වාර්තා වන්නේ එහි රුසියාවට අයත් කොටසේ ඇති උපකරණවලය.
මේ බැව් අනාවරණය කරමින් රුසියානු අභ්‍යවකාශ නිලධාරියකු පවසා තිබුණේ ඇතැම් උපකරණවල කාලය ඉකුත්ව ගොස් තිබීම මෙයට හේතු වී ඇති බවයි. මෙවැනි පද්ධතිවලින් සියයට 80ක පමණ කල් ඉකුත් ව ඇති බව ව්ලැදිමිර් සොලොවියොව් නමැති නිලධාරියකු පවසා තිබිණි.
ඔහු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියාවට අයත් කොටසේ කටයුතු භාරව සිටින ‘එනර්ජියා’ නමැති සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයාය. යම් ඉරිතැලීම් ආදියද දක්නට ලැබෙන බවත්, මේවා ඉදිරියේ දී තවත් වැඩි විය හැකි බවත් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.
2025 වසරෙන් පසු රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කටයුතුවලින් ඉවත් වීමට ඉඩ ඇති බවද මෙයට පෙර සඳහන් විය. මෙම මධ්‍යස්ථානය ඉදි කරන ලද්දේ 1998 වසරේය. එම අවස්ථාවේ එහි ආයුකාලය සැලකුණේ වසර 15ක් ලෙසිනි. ඒ අනුව 2013 වසර වනවිට එම කාලය අවසන් වීමට නියමිතව තිබිණි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදි කෙරුණේ ඇමරිකාව, රුසියාව, කැනඩාව, ජපානය සහ යුරෝපා රටවල් කිහිපයක හවුල් ව්‍යාපෘතියක් ලෙසිනි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්