මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවකින් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාව නිසා ඇතිවී ඇති තත්වය ගාල්ල හබරාදුවේ හෝ කන්දකාඩු මාධ්‍යස්ථානය තුල ඇතිවූ තත්වයටත් වඩා භයානක තත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ අදහස් පළ කර සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දෙන්නේ මින් පෙර පැවති තත්වයන් වලදී කොරෝනා රෝගය ආසාදනය වූ ආකාරය පිළිබඳව තොරතුරු හෙළිවූ නමුත් මෙම කාන්තාවගේ රෝග මූලාශ්‍රය පිළිබඳව තොරතුරු සොයාගැනීමට හැකිවී නොමැති බවයි.
මේ කාන්තාවට කොරෝනා බෝවන්නට ඇත්තේ සමාජයෙන් බවත් ඒ අනුව සමාජයේ කොරෝනා නැතැයි යන මතය ඉවත දැමීමට සිදුවන බවත් ඒ මහතා පවසා සිටිනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්